බාලවයස්කාර දැරියක් දූෂණය කිරීමේ චෝදනාවට වරදකරු වී බරපතළ වැඩ සහිත වසර 15 ක සිර දඬුවම් නියම වී සිටින අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සාරුව ලියනගේ සුනිල් මහතා ඇප මත මුදා හරින ලෙස ඉල්ලා ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමට අදාළ තීන්දුව අප්‍රේල් මස 05 වනදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය නියෝග කළා.

සිරදඬුවම් නියම වී සිටින අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයාගේ ඇප පෙත්සම විභාගයට ගැනීමට අභියාචනාධිකරණය නොතීසි නිකුත් කරයි.

අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සාරුව ලියනගේ සුනිල් 14 හැවිරිදි දැරියක දූෂණය කිරීමේ චෝදනාවට වරදකරු කරමින් කොළඹ මහාධිකරණය බරපතළ වැඩ සහිත වසර 15ක සිර දඬුවම් අද නියම කළේය.

Latest News