පොලිස්පති පූජිත් ජයසුන්දර හා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන් රෝහල්ගත කෙරිණ. ඔවුහු අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට නියමිතව සිටියහ.

තමන්ව අනිවාර්ය නිවාඩු යැවීමට ගත් තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට, ප්‍රකාශ කරන්නැයි ඉල්ලි අනිවාර්ය නිවාඩු යවා ඇති පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ජුලි 31 සළකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියම කළේය.

බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට එරෙහිව පනවා තිබෙන විදෙස් ගමන් තහනම ලබන අගෝස්තු මස 23 වැනිදා දක්වා ඉවත් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

ජනාධිපතිවරයා විසින් පවතින නීතිරීති හා ආණ්ඩුකම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් තමන් අනිවාර්ය නිවාඩු යැවීමට ගත් තීරණය නීතිවිරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම මේ මස 24 වනදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව සිව්වැනි වතාවට අද පාර්ලිමේන්තුවේ දී රැස්විණ.

නීති විරෝධී ගිනි අවි අත්අඩංගුවට ගැනීම සඳහා දීප ව්‍යාප්ත මෙහෙයුමක් ආරම්භ කරන බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දයාගමගේ, නලීන් බණ්ඩාර සහ පාලිත තෙවරප්පෙරුම යන මහත්වරුන් ඇමති ආරක්ෂාව ලබා දෙන ලෙසට හිටපු නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ අත්සනින් කළ ඉල්ලීම ඉටුකළ නොහැකි බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අද අවධාරණය කළේය.

Latest News