පොලිස්පති පූජිතගෙන් පාස්කු ප්‍රහාරය ගැන සාක්ෂි

ජූනි 06, 2019

    පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව සිව්වැනි වතාවට අද පාර්ලිමේන්තුවේ දී රැස්විණ.

    ඒ පාස්කු ඉරිදා ප්‍රහාර පිළිබඳ සොයාබලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහායි. එම විශේෂ කාරක සභාවේ කටයුතු අද පෙරවරු 11.00ට ආරම්භ විය. එහි දී පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සාක්ෂි ලබා දුන්නේය. හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා ද කාරක සභාව හමුවට අද කැඳවා තිබිණ.

    මෙම කාරක සභාව පළමු වරට රැස්වුණේ පසුගිය 29 වැනිදායි. එහි දී ආරක්ෂක ලේකම්වරයා සහ රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා සාක්ෂි ලබා දුන්නේ. දෙවැනි දිනට එම විශේෂ කාරක සභාව රැස්වූයේ, පසුගිය 4 වැනිදායි. එහි දී ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා සාක්ෂි ලබා දුනි.

    Last modified on බ්‍රහස්පතින්දා, 06 ජූනි 2019 12:58

    Latest News