රටේ ආරක්‍ෂක වැඩපිළිවෙළ කෙරෙහි විශ්වාසය තබා වෙසක් සැමරීමට එක්වූ සියලු දෙනා වෙනුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ස්තූතිය පළකරයි.

ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් සිදු නොකළ ආකාරයට වත්මන් රජය පන්සල සහ ගම දියුණු කිරීමට මුදල් වෙන් කරමින් පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

වාර්ගික, ආගමික, සංස්කෘතික, විවිධත්වය තුළ පවතින සුන්දරත්වය මෙන්ම අගය හඳුනාගැනීමට මහා ශිවරාත්‍රී දිනය ද අප සැමට ආලෝකයේ දිනයක් වනු ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අදට යෙදී තිබෙන මහා ශිව රාත්‍රී දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියි.

Latest News