වයඹ පළාතට වහාම ක්‍රියාත්මක වන පරිද නැවත දැනුම් දෙන තුරු පොලිස් ඇදරි නීතිය පවනවා තිබේ.

හලාවත නගරයට පැනවු පොලිස් ඇදිරි නීතිය හෙට (13) අලුයම 4ට ඉවත් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

අද රාත්‍රී (22) 8.00 සිට හෙට (23) අලුයම 4.00 දක්වා පොලිස් ඇදිරි නීතිය දිවයින පුරා ක්‍රියාත්මක කරන බව රජය නිවේදනය කර ඇති ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.

රටේ ආරක්‍ෂක තත්ත්වය පිළිබදව ආරක්‍ෂක අංශ සහ සියලුම අංශවල ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් විශේෂ සාකච්ජාවක් සමඟ පැවැති සාකච්ඡාවකින් පසු දිවයින පුරා අද ප.ව 6.00 සිට හෙට පෙ.ව 6.00 දක්වා පොලිස් ඇඳිරි නීතිය ප්‍රකාශ කිරීමට ජනාධිපතිතුමා විසින් පොලිස්පතිවරයාට උපදෙස් දී තිබේ. ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානීගේ උපදෙස් පරිදි මෙම පරීක්‍ෂණ කටයුතු සිදුකිරීමට තිරණය කර ඇතැයි ජනාධිපති ලේකම් විසින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි. අපරාධකරුවන් සොයා සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම සදහා ජාතික මෙහෙයුම් මැදිරියක් පිහිටුවා තිබේ. පිපිරීම් වලින් ආබාධිත තත්වයට ලක්වු රෝගීන් සදහා කඩිනමින් ප්‍රතිකාර ලබාදීමට අවශ්‍ය කටයුතු සිදුකරන ලෙස සියලුම රෝහල් බලධාරීන්ට මේ වන විටත් උපදෙස් ලබාදී ඇතැයි එහි සඳහන්වේ.

 විශේෂ මාධ්‍ය නිවේදනය

රටේ ආරක්‍ෂක තත්ත්වය පිළිබදව ආරක්‍ෂක අංශ සහ සියලුම අංශවල ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් විශේෂ සාකච්ජාවක් පැවති අතර එහිදී පොලිසීය, ත්‍රිවිධ හමුදාව සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් යොදවා සියලුම ආගමික ස්ථාන, සංචාරක හෝටල්, රෝහල්, තානාපති කාර්යාල සහ සියලුම කතෝලික ආගමික නායකයන් ඇතුළු ආගමික ස්ථාන, රජයේ වැදගත් ස්ථාන වල ආරක්‍ෂාව තර කිරීමට රජය කටයුතු යොදා ඇත.

එමෙන්ම දිවයින පුරා අද ප.ව 6.00 සිට හෙට පෙ.ව 6.00 දක්වා පොලිස් ඇඳිරි නීතිය ප්‍රකාශ කිරීමට ජනාධිපතිතුමා විසින් පොලිස්පතිවරයාට උපදෙස් දී තිබේ. තවද ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානීගේ උපදෙස් පරිදි මෙම පරීක්‍ෂණ කටයුතු සිදුකිරීම සදහා මෙන්ම අපරාධකරුවන් සොයා සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම සදහා ජාතික මෙහෙයුම් මැදිරියක් පිහිටුවා ඇති අතර සිදුවු පිපිරීම් වලින් ආබාධිත තත්වයට ලක්වු රෝගීන් සදහා කඩිනමින් ප්‍රතිකාර ලබාදීමට අවශ්‍ය කටයුතු සිදුකරන ලෙස සියලුම රෝහල් බලධාරීන්ට මේ වන විටත් උපදෙස් ලබාදී ඇත.

එමෙන්ම මියගිය පුද්ගලයින් හදුනාගැනීමේ කටයුතු සිදුකරන අතර ඔවුන්ගේ මරණ පරීක්‍ෂණ කඩිනමින් සිදු කිරීමට අධිකරණ බලධාරීන් කටයුතු කරමින් සිටී. එසේම මිය ගිය සියලු දෙනාගේ අවමංගල්‍ය කටයුතු රජයේ වියදමින් සිදුකිරීමට රජය තිරණය කර තිබේ.මෙම සිදුවීම් වලට අදාල පරීක්‍ෂණ ආරක්‍ෂක අංශ විසින් ඉතා පුළුල් ලෙස මේ වන විට සිදු කරන අතර සමාජ මාධ්‍ය හරහා සාවද්‍ය ප්‍රවෘත්ති හුවමාරුවන බැවින් එම පරීක්‍ෂණ කටයුතු අවසන් වන තුරු තාවකාලිකව සියලු සමාජ ජාල මාධ්‍ය අවහිර කිරීමට රජය තීරණය කර තිබේ.
එමෙන්ම අප්‍රේල් 22, 23 යන දෙදින පෞද්ගලික සහ රජයේ සියලු පාසල් නිවාඩු දිනයන් ලෙස ප්‍රකාශ කිරීමට ද රජය පියවර ගෙන ඇත.

මේ වන විට සියලුම ප්‍රදේශවල ආරක්‍ෂක කටයුතු තර කර ඇති බැවින් රටේ සියලු ජනතාවට තම නිවෙස් වල සන්සුන්ව සාමය ආරක්‍ෂා කරමින් රැඳි සිටින ලෙස සහ ආරක්‍ෂක අංශ වලට අවශ්‍ය සහයෝගය ලබාදෙන ලෙස රජය ඉල්ලා සිටී.

ජනතාවගේ ආරක්ෂාව සඳහා ත්‍රිවිධ හමුදාව කැදවා ඇති අතර පොලිස් දෙපාර්තමේන්තුවේ සම්බන්ධීකරණයෙන් යුතුව ත්‍රිවිධ හමුදාව මහජන ආරක්ෂාව තහවුරු කරනු ඇත.

උදය ආර්. සෙනෙවිරත්න
ජනාධිපති ලේකම්
2019-04-21

Latest News