හලාවත පොලිස් ඇඳිරි නීතියේ වේලාවේ වෙනසක්

මැයි 12, 2019

    හලාවත නගරයට පැනවු පොලිස් ඇදිරි නීතිය හෙට (13) අලුයම 4ට ඉවත් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

    ප්‍රදේශයේ හටගත් නොසන්සුන්කාරී තත්ත්වය මේ වන විට පාලනය කර ඇති බැවින් මෙම තීරණය ගත් බව අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.
    හලවාතට පොලිස් ඇදිරි නීතිය පැනවීම අද දහවල් සිදුකළ අතර එම අවස්ථාවේදි පොලිසිය නිවේදනය කළේ හෙට පෙරවරු 06.00 දක්වා එය ක්‍රියාත්මක බවයි

    හලාවත නගර සීමාවට පොලිස් ඇඳිරි නීතිය (13.15)

    හලාවත නගරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්වය පාලනය කිරීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි හලාවත නගර සීමාවට හෙට (13) පෙ.ව. 06.00 දක්වා පොලිස් ඇඳිරි නීතිය ප්‍රකාශයට පත්කර තිබේ.

     ඒ පිළිබඳව අදහස් දැක්වූ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා.....

    “ජාතීන් අතර අසමගිය ඇතිවන ආකාරයේ ප්‍රකාශයක් සමාජ මාධ්‍ය ජාලා වෙත මුදා හැරී පුද්ගලයෙකු පිළිබඳව ප්‍රදේශයේ ජනතාව විරෝධතාවක් දැක්වීමත් සමඟ නොසන්සුන්තාවක් ඇති වී තිබෙනවා. එම තත්වය පාලනය කිරීමට හලාවත නගර සීමාවට බල පැවැත්වෙන පරිදි පොලිස් ඇඳිරි නීතිය හෙට (13) උදෑසන 06.00 දක්වා පනවනු ලැබුවා. එම ප්‍රකාශය සමාජ මාධ්‍ය වෙත මුදා හැරි පුද්ගලයා ද අත්අඩංගුවට ගෙන තිබෙනවා“ යැයි රුවන් ගුණසේකර මහතා පැවසීය.

    Last modified on ඉරිදා, 12 මැයි 2019 18:32

    Latest News