රැදවුම් නියෝග අවසන් වීමෙන් පසුව පොඩි ලැසී නැමැත්තා මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කරන බව පොලිස්පතිවරයා අභියාචනාධිකරණයට දැනුම් දුන්නා.

දැනට රැඳවුම් භාරයේ රඳවා සිටින පාතාල කල්ලි නායකයෙකු බව කියන පොඩි ලැසී නමැත්තාගේ රැඳවුම් නියෝගය අවසන් වීමෙන් පසුව ඔහු සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියා මාර්ගය පිළිබඳව පොලිස්පතිවරයාගෙන් විමසා ලබන 13 වනදා අධිකරණය දැනුවත් කරන ලෙස අභියාචනාධිකරණය විසින් නීතිපතිවරයාට නියම කළා.

රඳවාගෙන සිටින තමන්ගේ ජීවිත ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා ලෙස බන්ධනාගාර බලධාරීන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පාතාල කල්ලි නායකයකු බව කියන ජනිත් මධුශංක හෙවත් පොඩි ලැසී විසින් සිය නීතිඥවරිය මාර්ගයෙන් ගොනු කළ පෙත්සමක් විභාග කිරීම සඳහා අභියාචනාධිකරණය විසින් නොතීසි නිකුත් කර තිබෙනවා.

Latest News