එළඹෙන මැතිවරණය පහසුවෙන් ජයග්‍රාහනය කළ හැකි බව පෙන්වා අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ආණ්ඩුවට, ස්ථාවර බලයක් හෝ ජනාධිපති බලතල නොමැතිව විවිධ අභියෝග මධ්‍යයේ පුළුල් සංවර්ධන වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමට තමන්ට හැකිවූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

2015 වසරෙන් පසුව යාපනය සහ උතුරු ප්‍රදේශයේ සංවර්ධන කාර්යයන් රැසක් සිදුවී තිබෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධානරය කළේය.

යුද්ධයෙන් පීඩාවට පත්වූ යාපනය ඇතුළු උතුරු ප්‍රදේශය යලි නගා සිටුවා පෙර පැවති අයුරින්ම යාපනය ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගරයක් බවට පත්කිරීම අරමුණ බව අවධාරණය කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

බියෙන් හා සැකයෙන් තොරව ආරක්ෂිත පරිසරයක් ගොඩනගන බවට පොරොන්දු දී ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂරකත්වයට ඉදිරිපත් වන්නේ එක්නැලිගොඩ, ලසන්ත වික්‍රමතුංග වැනි මාධ්‍යවේදීන් ඝාතනය හා පැහැර ගැනීම්, සිරස හා උදයන් වැනි මාධ්‍ය ආයතනවලට පහර දීම්, රතුපස්වල වැනි විරෝධතාවලට ප්‍රහාර එල්ල කිරීම්, වැලිකඩ රැඳවියන් ඝාතනය කිරීම්, සුදු වෑන් යොදාගෙන අපරාධ කිරීම්, පැල්පත් නිවාසවල මිනිසුන් පන්නා දැමීම් ඇතුලූ සිද්ධීන්ට සමාව ගෙන දැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (12) දින රණාල දී ප්‍රශ්න කළේය.

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂක ටර්මිනේටර්වරයෙක් හෙවත් කම්මුතු කරන්නෙක් බව බැසිල් රාජපක්ෂධ මහතා මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රකාශ කර ඇති බව පෙන්වා දුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද රටට අවශ්‍ය අනාගතය කම්මුතු කරන්නෙකු නොව, අනාගතය සුරක්ෂිරත කරන්නෙකු බව අවධාරණය කළේය.

ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කොට රට ඉදිරියට ගෙන යාමට අලූත් අදහස් සමගින් සන්ධාන ගතවිය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වාදේ.

ප්‍රජාතන්ත්‍රවාදය යළි තහවුරු කිරීම, ජාතීන් අතර සංහිදියාව ශක්තිමත් කිරීම, කඩා වැටුණු ආර්ථිකය යළි ගොඩ නැංවීම සහ යහපාලනය ස්ථාපිත කිරීම ඉලක්ක වු දේශපාලන සංධානය අගෝස්තු මස අවසන්වීමට පෙර පිහිටුවන බව අග්‍රමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.

ණය ගන්න ආර්ථිකයක් වෙනුවට ණය ගෙවන්න පුලුවන් ආර්ථිකයක් ගොඩනගන බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අගෝස්තු 06 වැනිදා සාක්ෂි ලබාදීමට පැමිණේන බව එම කාරක සභාවේ නියෝජිත පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා පවසයි.

Latest News