ලක් විජය බලාගාරය සදහා ගල් අගුරු මිලදී ගැනීමේ ටෙන්ඩරය ඩුබායි රාජ්‍යයේ පිහිටි බ්ලැක් සෑන්ඩ් කොමෝඩිට්ස්" සමාගම වෙත පිරිනැමීම තුළින් ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් සීමිත විරෝධතා ගොනු කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වගඋත්තරකරුවන් වෙත කල් ලබා දුන්නා.

විපක්‍ෂ නායකවරයා සහ ජනතා විමුක්ති පෙරමුණ රටේ පවතින සැබෑ ප්‍රශ්නවලට පිළිතුරු සොයනවා වෙනුවට නායකත්ව සිහින දකිමින් සිටින බවට ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් චෝදනා කරනවා.

Latest News