රූපවාහිනී සංස්ථාවත්,ගුවන් විදුලි සංස්ථාවත් ජාතික ජනමාද්‍ය ලෙස වාණිජ තරගකාරීත්වයෙන් මිදී ආදර්ශවත් ජනමාධ්‍යයක් ලෙස පවත්වාගෙන යාම ජනාධිපතිතුමාගේ දර්ශනය බව ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති, වෛද්‍ය නිහාල් ජයතිලක මහතා පවසයි. සිය ධුරයේ වැඩබාරගනිමින් සභාපතිවරයා මේ බව කියා සිටියේය.

ලංකා විදුලි පුද්ගලික සමාගම හෙවත් LECO හි නව සභාපතිවරයා ලෙස නීතිඥ අතුල ප්‍රියදර්ශණ ද සිල්වා මහතා පත්කර තිබේ.

ශ්‍රී ලංකා අයෝජන මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස මංගල පී.බී.යාපා මහතා පත් කර තිබේ. ඒ මහතා අද පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.

Latest News