පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු හෙට්ටිපොළ ප්‍රදේශයේ දී ඇතිවූ කළහකාරී සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි දූෂණ විරෝධී බලකායේ කැඳවුම්කරු නාමල් කුමාර මේ මස 26 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හිටපු ආරක්ෂක ලේකම්වරයා ඇතුළු පිරිසක් ඝාතනය කුමන්ත්‍රණය චෝදනාවේ පළමු සැකකරු වන ඉන්දියානු ජාතිකයා සම්බන්ධයෙන් පවත්වන විමර්ශනය ගැන ප්‍රකාශ ලබා ගැනිමට පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන විමල් වීවංශ, නාමල් රාජපක්ෂ සහ විමල් වීරවංශ මහතාගේ බිරිඳ ඉදිරි සතියේ කැඳවන බව අපරාධ පරික්ෂණ දෙපාර්තමෙන්තුව අද (16) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දෙනු ලැබිණ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඇතුළු පිරිසක් ඝාතනය කිරීමට තැත් කළ බව කියන සිද්ධියට අදාළව මාධ්‍යට කරුණු ඉදිරිපත් කිරීමෙන් වළකින්නැයි දූෂණ විරෝධී හඩ සංවිධානයේ කැදවුම්කරු නාමල් කුමාරට කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (04) නියෝග කළේය.

හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාව අත්අඩංගුවට ගත්තේ ප්‍රභුවරුන් ඝාතන කිරීමට කුමන්ත්‍රණ කල බව පැහැදිලි සාක්ෂි ඇති බව රහස් පොලිසිය අද අධිකරණයට දැනුම් දී තිබේ.

Latest News