මෙවර උසස් පෙළ විභාගය පැවැත්වෙන දින ඇතුළත් කාලසටහනක් මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා තුළ හුවමාරු වන අතර, එහි කිසිදු සත්‍යතාවක් නොමැති බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කරයි.

අධ්‍යාපන අමාත්‍යාංශයේ නව පිරිවෙන් අධ්‍යාපන උපදේශක ධුරයට පූජ්‍යපාද දොඩම්පහල ශ්‍රී රාහුල හිමියන් පත්කර ඇති අතර, අද (20) අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් ඊට අදාළ පත්වීම් ලිපිය උන්වහන්සේ වෙත පිළිගන්වන ලදී.

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් රජයේ පාසල්හි සේවය කරනු ලබන ගුරුභවතුන් තමා වඩාත් කැමති ස්ථාන සහ ඉගැන්වීමට වඩාත් සුදුසු විෂයයන් පිළිබඳ සොයා බැලිම සඳහා සමික්ෂණයක් පැවැත්වීමට සැලසුම් කර ඇත.

රජය විසින් යෝජිත, පාසල් සිසුන්‍ සඳහා පෝෂණ මල්ලක් ලබා දීමේ වැඩසටහන සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලෝක ආහාර වැඩසටහන යටතේ රුපියල් මිලියන 80 ක මූල්‍යාධාර ලබාදීමට එකඟත්වය පළ කර තිබේ.

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමට පියවර ගනිමින් ඒ සඳහා පාසල් හා අනෙකුත් අධ්‍යයන ආයතන සූදානම් කිරීමට අදාලව වන චක්‍රලේඛය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ඊයේ (11) නිකුත් කරන ලදී.

රට තුළ මතු වූ කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් පසුගිය මාර්තු 16 වැනිදා සිට රජයේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ සංස්ථා මෙන්ම පෞද්ගලික අංශයේ බොහෝ ආයතන ද තාවකාලිකව වසා දමා තිබූ අතර, ගෙවි ගිය කාලය තුළ බොහෝ රජයේ නිලධාරීන් නිවෙස් ගතව රාජකාරි කටයුතු කිරීමෙහි යෙදුණි.

පාසල්‌ නිවාඩුවට ගෙදර සිටින දරුවන්ට වැඩ අල්ලන නැකනේදී පොතක්‌ ලිවීම ආරම්භ කළහැකි බව, අධ්‍යාපන අමාත්‍ය ඩලස්‌ අලහප්පෙරුම මහතා පවසයි.

COVID-19 වෛරසය ව්‍යාප්ත වීම පාලනය කිරීමට රටක් වශයෙන් දරන පරිශ්‍රමය පලුදු කිරීමෙන් වැළකීම සියලු දෙනාගේ වගකීම බව අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේය.

සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල අප්‍රේල් 30ට පෙර ලබා දීමට සියලු කටයුතු සූදානම් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටියි.

2020 අගෝස්තු මස පැවැත්වීමට නියමිත අධ්‍යයන පොදු සහතික ප‍ත්‍ර උසස් පෙළ විභාගය කල් දමා ඇති බවට ඇතැම් සමාජ මාධ්‍ය ජාලාවන්හි ප්‍රචාරය වන පුවත්වල කිසිදු සත්‍යතාවයක් නොමැති අතර අදාළ විභාගය සම්බන්ධයෙන් එබඳු තීරණයක් ගෙන නැති බවද අධ්‍යාපන අමාත්‍යාංශය අවධාරණය කර සිටී.

Latest News