විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් ඉදිරිපත් කිරීමට විදුහල් ප්‍රධානීන්ගෙන් අයදුම්පත් සහතික කරවා ගැනීමට අවශ්‍ය සියළු අපේක්ෂකයින් ඒ සඳහා මාර්තු 27 වන දින සිට අප්‍රේල් 09 වන දා දක්වා කාලය තුළ අදාළ පාසල් වෙත පැමිණෙන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය දන්වා සිටී.

දිවයින පුරා සියලු ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ, ගුරු මධ්‍යස්ථාන සහ ගුරු විද්‍යාල සඳහා දැනට ලබා දී ඇති නිවාඩුව අප්‍රේල් 19 වැනිදා දක්වා දීර්ඝ කෙරේ.

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් "ස්ටැනයින් පරිමාණය" (Stanine Scale) පදනම් කර ගනිමින් පාසල් සාධන දර්ශකයක් සකස් කෙරේ.

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ගණිත විෂය සාධන මට්ටම පදනම් කරගනිමින් තෝරාගත් පාසල් 500ක ගණිත ඉගෙනුම වැඩිදියුණු කිරීමේ වැඩසටහන් මාලාවක් අඛණ්ඩ ව ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.

සිසුන්ගේ ඉගෙනුම් ක්‍රියාවලියට වන අපහසුතා හේතුවෙන් පාසල් වාරය මැද ගුරු මාරු සිදු නොකරන්නැ’යි දිවයිනේ ජාතික පාසල් රැසක විදුහල්පතිවරුන් විසින් කළ ඉල්ලීම් සලකා බලා සියලු ජාතික පාසල්වල වාරය මැද සිදුකරන ගුරු ස්ථාන මාරු තාවකාලික ව අත්හිටුවා ඇත.

වසරේ දින 365 ඇතුළත සති අන්තයන් හැරුණු විට පාසල් පැවැත්වෙන දින ගණන 200ක් බවත්, එම දිනයන්හි ද පාසල් පැවැත්වෙන්නේ දිනකට පැය හය බැගින් වන නිසා සම්පූර්ණ වසර පුරා දරුවන් පාසල තුළ ගත කරන නිල කාලය පැය 1200ක් පමණක් බවත් ඒ අනුව සලකා බලනවිට එය දින පනහක් පමණක් බවත් අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

මේ දිනවල පවත්නා දැඩි හිරු රශ්මිය සහ ඒ හේතුවෙන් මතුව ඇති අධික උෂ්ණත්වය සහිත කාලගුණ තත්ත්වය හමුවේ පාසල් මට්ටමින් ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධ ව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශය විසින් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත නිර්දේශ ලබා දී ඇත.

සදාචාර සම්පන්න යහපත් දරු පරපුරක් බිහි කිරීමේ අරමුණින් සෑම වසරකම ජනවාරි මස 24 වනදා “සාරධර්ම දිනය” ලෙස නම් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.

රජයේ සියලු පාසල්වලට 2020 වර්ෂයට අදාළ පෙළ පොත් මේ වනවිට බෙදා අවසන් කර ඇති බවත්, කොට්ඨාස හා පර්ෂද පාසල්වල පොත් බෙදාදීම ද අවසන් අදියරෙහි පවතින බවත් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

නිල ඇඳුම් තිළිණපත්වල වටිනාකම අඩුකර ඇති බවට ගෙන යන කටකතා සම්පූර්ණයෙන් ම සාවද්‍ය බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි.

Latest News