වෙළඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ සතොස ආයතනයේ සේවකයින් 153 දෙනෙකු දේශපාලන ක්‍රියාකාරකම් සඳහා යෙදවීම තුළින් රජයට රුපියල් කෝටි හතරක් පාඩු කළේ යැයි චෝදනා කොට අල්ලස් කොමිසම විසින් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව නඩු පවරා ඇති ආකාරය නීතියට පටහැනිව යැයි තීන්දු කළ කොළඹ මහාධිකරණය ඒ මහතා නඩු කටයුතුවලින් මුදා හරින ලෙස නියෝග කළා.

පසුගිය ආණ්ඩුව මෙරට නීතිය රකින ආයතන හෑල්ලුවට ලක් කිරිම රන්ජන් රාමනායකගේ හඞපට වලින් පැහැදිලි වන බව වරාය හා නාවික කටයුතු, මාර්ග හා මහා මාර්ග සංවර්ධන අමාත්‍ය ජොන්ස්ටන් ප්‍ර‍නාන්දු මහතා පවසයි.

යහපාලන රජය විසින් සිදුකරන ලද මාර්ග සංවර්ධන ව්‍යාපෘතීන් සඳහා ජනතාවගේ ඉඩම් අත්පත් කරගැනීමේ දී ඒ සඳහා නිසි තක්සේරුවක් ලබා දී නොමැති බව අමාත්‍ය ජොන්ස්ටන් පවසයි.

පසුගිය ආණ්ඩු සමයේ සිදුව මහ බැංකුව බැඳුම්කර වංචාව වාර්තාව වත්මන් ආණ්ඩුව කළ බවට සාවද්‍යා ප්‍ර‍චාරයක් විපක්ෂය විසින් සමාජ ගතකරමින් සිටින බව වරාය හා නාවික කටයුතු සහ මාර්ග හා මහා මාර්ග සංවර්ධන අමාත්‍ය ජොන්ස්ටන් ප්‍ර‍නාන්දු මහතා පවසයි.

Latest News