පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක ඇතුලු විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහි අල්ලස් නඩුව පවත්වාගෙන යාම අනවශ්‍ය බවට එම නඩුවේ පැමිණිලිකරු විසින් ඉදිරිපත් කර ඇති දිවුරුම් ප්‍රකාශයේ සත්‍ය අසත්‍යතාවය පිළිබඳව විමර්ශනයක් පවත්වන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා.

ගාලු මුවදොර ගෝටාගෝ ගම සහ කොල්ලුපිටිය මයිනාගෝ ගම අරගලවලට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන්  රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සනත් නිශාන්ත, මිලාන් ජයතිලක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ ඩෑන් ප්‍රියසාද් ඇතුළු සැකකරුවන්  පිරිසක් අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය  හමුවට ඉදිරිපත් කළේය.

Latest News