අල්ලස් චෝදනාවට වරදකරු කෙරුණු හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානියා සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපතිවරයාගේ අභියාචනා විභාගයට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කරයි.

කන්තලේ සීනි සමාගමට අයත් අබලි යන්ත්‍රෝපකරණ සහ ගොඩනැගිලි පවරා දීමේ දි රුපියල් මිලියන 20 ක අල්ලසක් ලබා ගැනීමට වරදකරු වු හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය අයි. එච්. කුසුමදාස මහනාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක යන මහත්වරුන්ට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයෙන් බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කෙරේ.

අයි. එච්. කේ. මහනාම සහ පියදාස දිසානායක යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුවේ තීන්දුව දෙසැම්බර් 19 ප්‍රකාශයට පත්කරන බව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය දින නියම කරයි.

ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය අයි. එච්. කේ. මහනාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක යන මහත්වරුන්ට එරෙහිව රුපියල් මිලියන 20 ක අල්ලස් චෝදනා නඩුවේ සාක්ෂි විභාගය හෙට දින සිට ආරම්භ කිරීමට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද නියෝග කළේය.

Latest News