අද රණවිරුවන් ගැන කිඹුල් කඳුලු හෙලන අය එදා රණවිරුවන්ට දුන් දසවද ගැන රණවිරුවෙකුගේ හෙලි දරව්වක් (විඩියෝ)

ඔක් 16, 2019
  • 2010 වසරේ දී ඉපලෝගම "රණජයපුර" රණවිරු ගම්මානයේ නිවාස ප්‍රදානය තිරීමේදී සිදුවූ සිද්ධියකදී එවකට සිටි නායකයින් කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන්, රණවිරුවන් පිරිසක් අද මාධ්‍යයට අනාවරණයක් කළේය.

    ඒ ජාතික මහජන සභාව සංවිධානය කළ මාධ්‍ය හමුවකදී.

    2010 වසරේ දී ඉපලෝගම "රණජයපුර" රණවිරු ගම්මානයේ නිවාස ප්‍රදානය තිරීමේදී සිදුවූ සිද්ධියකදී එවකට සිටි නායකයින් කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන්, රණවිරුවන් පිරිසක් අද මාධ්‍යයට අනාවරණයක් කළා. ඒ ජාතික මහජන සභාව සංවිධානය කළ මාධ්‍ය හමුවකදී.

    එහිදී අදහස් දැක්වූ හිටපු ජ්‍යෙෂ්ඨ බලලත් නිලධාරී පියල් කුමාරසිරි වඩනම්බි මහතා...
    "
    2010 ජුනි මාසයේ 28 වැනිදා ඉපලේගම රණජයපුර රණවිරු ගම්මානයට ඓතිහාසික දවසක්. යුද්ධය දිනපු අභිමානය රණවිරුවන්ගේ ඇඟ තුළ හොඳින් ක්‍රියාත්මක වන යුගයක්. මේ රැස්වීම තියපු වෙලාවේ මේ නිවාසවල අයිතිය සම්බන්ධව පැහැදිලි කිරීමක් කළා. අවස්ථාවක් දුන්නා රණවිරුවන්ට සහ රණවිරු පවුල්වල අයට ඔබගේ අදහස් හා යෝජනා ඉදිරිපත් කරන්න. මේ අවස්ථාවේ ඒ ස්ථානයේ තිබිච්ච අඩුපාඩු ඉදිරිපත් කළා. නාවික හමුදාවේ සහෝදරයෙක් එළියට ඇවිල්ලා ප්‍රශ්නයක් ඇහුවා "අපි වෙනුවෙන් අපි අරමුදලට" මොකද වුණේ. ඇයි ඒකෙන් මේ නිවාස අපිට නොමිලේ දෙන්න බැරි. සවස හයට එම රැස්විම අවසන් වෙනකොට නාවික හමුදාවේ ජයතිලක ගෙදර ආවේ නැහැ. ඔහු නැතිව ඔහුගේ බිරිඳ එළියට ඇවින් හොයන කොට එම අවස්ථාවේ සිටි අනෙක් බිරිඳැවරුත් ජයතිලක හොයන්න ගත්තා. මෙතනද සිදුවුනා මේ බිරිඳැවරුන්ගේ එකමුතුව නිසා යම් කිසි කලබලයක්. අවසානයේදි එම ස්ථානයට පැමිණි කැකිරාව පොලිසියේ ස්ථානාධිපති, පාරට ගිය හැමෝම කැඳවලා ප්‍රශ්නය විසඳුවා. ජයතිලකව බිරිඳට ගෙනල්ලා දුන්න. ප්‍රශ්නය එතනින් අවසානයි.

    ඊට පහුවෙනිදා අනුරාධපුරය භාරව සිටි වන්නි ආඥාපති මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මෙම ස්ථානයට පැමිණියා. ඔහු සියලුම හමුදා නිළධාරින් මෙම ස්ථානයට කැඳවුවා, කැඳවලා කිව්ව මේ කරපු දේ තරයේ ප්‍රතික්ෂේප කරනවා, කරුණාකරලා තමන්ගේ බිරිඳැවරුන් හදාගන්න කිව්වා. එම අවස්ථවේ මම එතනට ගොස් කතාවක් කෙරුවා. මම කිව්වා අපි මේ සිද්ධිය ගැන ගණගාටු වෙනවා මීට පස්සේ මේ වැනි සිද්ධියක් වෙන එකක් නැහැ කියාත් කිව්වා. මේ අයට මගේ පින්තුරය ගත්තා. අපිව කඳවුරුවලට යැවුවා. ටික දවසක් යනකොට පරික්ෂණයක් තියනවා, මගෙන් ඇහැවුවා මොකද වුනේ කියල. අපි සිද්ධිය කිව්වා. නමුත් දඬුවම් දෙන්න සැකයටවත් කවුරුත් නැහැ. වරදකරුවන් නැති තැන අපි හතරදෙනාට දෙන්න පුළුවන් දසවද දුන්නා. බඩ දරු අම්මලා පැය 24ක් තුළ එළියට දැම්මා. මාව ගුවන් හමුදා ෂෙල් එකට දානකොට මට කියන්න දෙයක් තිබුණේ නැහැ මගේ දරුවන්ට. අවසානයේ මොකද වුනේ මාසයක් මාව සිරිකර තියලා මාව බලන්න කාටවත් දුන්නේ නැහැ. පරික්ෂණය කළ ගුවන් හමුදාවේ නිළධාරින් මට කිව්වා කිසිම චෝදනාවක් නැහැ කියලා. පස්සසේ මාව වෙනත් ක්‍රමයකින් වැලිකඩට යවලා මාගේ රස්සාව නැති කළ යැයි“ ඔහු කියා සිටියේය.   

     

      

     

     

    Last modified on බදාදා, 16 ඔක්තෝබර් 2019 11:02

    Latest News