හිටපු අමාත්‍ය රන්ජන් රාමනායක මහතාගේ ආන්දෝලනාත්මක හඬ පට සිද්ධියෙන් අනාවරණය වීමෙන් පසුව මහධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතාට එරෙහිව නීතිපතිවරයාගේ උපදෙස් මත නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ආරම්භ කෙරුණු නඩු කටයුත්ත අහෝසි කරමින් අභියාචනාධිකරණය අද රිට් ආඥාවක් නිකුත් කළා.

අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස තමන්ට එරෙහිව නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය මගින් නිකුත් කර තිබෙන සිතාසිය බලරහිත කර ලෙස ඉල්ලා අනිවාර්ය නිවාඩු යවනු ලැබ සිටින මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා විසින් ඉදිරිපත් කර තිබෙන පෙත්සමට අදාළ විරෝධතා ජුලි මස 31 වනදා ගොනු කරන ලෙස අභියාචනාධිකරණය නියම කළා.

 වැඩ තහනමකට ලක්ව සිටින මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා නිසි අධිකරණය නියෝගයකින් තොරව අත්අඩංගුවට නොගන්නා ලෙස අභියාචනාධිකරණය අද නියෝග කළේය.

තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ අතුරු නියෝගය නිකුත් කරන මෙන් ඉල්ලා වැඩ තහනමකට ලක්ව සිටින මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා විසින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගැනීම සඳහා නීතිපතිවරයා ලබාදුන් උපදෙස් ක්‍රියාත්මක කිරීමට සහ නිර්දේශ ඉදිරිපත් කිරීමට වැඩබලන පොලිස්පති සීි. ඩී. වික්‍රමරත්න විසින් පංච පුද්ගල කමිටුවක් පත් කර ඇත.

Latest News