රුපියල් බිලියන 7ක තැන්පතු මුදල් සාවද්‍ය පරිහරණය කළේ යැයි, චෝදනා එල්ල වී සිටින ඊ.ටී.අයි සමාගමේ හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් හතර දෙනෙකුට අද කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර භාර දුන්නේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඉල්ලා ස්වර්ණමහල් ෆයිනැන්ෂියල් සර්විසස් සමාගමේ හිටපු ‍අධ්‍යක්ෂවරුන් සිවුදෙනා විසින් ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප අයදුම්පත් ඔවුන් විසින්ම ඉල්ලා අස්කර ගැනීමෙන් පසුව ඒවා නිෂ්ප්‍රභ කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

ඊ ටී අයි මූල්‍ය සමාගමේ තැන්පත් කළ මහජන මුදල් අවභාවිත කළා යැයි චෝදනා එල්ල වී ඇති දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින එම සමාගමේ අධ්‍යක්ෂවරුන් හතර දෙනා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණ.

ද ෆිනෑන්ස් ඊ ටී අයි සහ ස්වර්ණමහල් ෆිනෑන්ස් ස්ර්විස් යන සමාගම්වල තැන්පත්කරුවන්ට, මුදල් ගෙවීම මහජන බැංකු මගින් ආරම්භ කර තිබේ.

ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් සර්විසස් පීඑල්සී සහ ඊටීඅයි ෆිනෑන්ස් ලිමිටඩ් යන ආයතනවල ව්‍යාපාරික කටයුතු අද (13) සිට අත්හිටුවීමට තීරණය කළ බව මහ බැංකුව පවසයි.

Latest News