ETI සමාගමේ හිටපු අධ්‍යක්ෂවරුන් යළි රිමාන්ඩ්

ජන 13, 2021

    ඊ ටී අයි මූල්‍ය සමාගමේ තැන්පත් කළ මහජන මුදල් අවභාවිත කළා යැයි චෝදනා එල්ල වී ඇති දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින එම සමාගමේ අධ්‍යක්ෂවරුන් හතර දෙනා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණ.

    අදාල නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඞ් මිහාර් හමුවේ කැඳවූ අතර පසුව ඊ.ටී.අයි. සමාගමේ හිටපු අධ්‍යක්ෂවරුන් වන ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ, අසංක එදිරිසිංහ සහ දීපා එදිරිසිංහට ඇප ලබාදීම සම්බන්ධයෙන් වන තීන්දුව ජනවාරි 15 වැනිදා ලබාදෙන තෙක් ඔවුන් යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කරනු ලැබීය.

    ETI ආයතනයේ සිදුවූ බව කියන රුපියල් බිලියන 6.4කට අධික මූල්‍ය වංචාවකට අදාළව නීතිපතිවරයාගේ උපදෙස් මත ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ, අසංක එදිරිසිංහ සහ දීපා එදිරිසිංහ පසුගියදා අත්අඩංගුවට ගැනුණේ බොරැල්ල ප්‍රදේශයේදීයි.

    ශ්‍රී ලංකා මහ බැංකුවට අනාවරණය නොකළ ගිණුම් පවත්වාගෙන යමින් අදාළ ගිණුම්වල පැවති තැන්පත් මුදල් ඔවුන් පෞද්ගලික සුඛවිහරණය සඳහා සාවද්‍ය පරිහරණය කර ඇති බවටද විමර්ශනවලදී අනාවරණ වී තිබේ.

    Latest News