සුවය ලැබු සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 801ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 915 ක් දක්වා ඉහළ ගොස් තිබේ.ඒ ඊයේ (13) රාත්‍රී 11.45 වන විට තවත් ආසාදිතයින් 22ක් වාර්තා වීමත් සමගයි.

COVID-19 මර්දන මෙහෙයුමට දායක කර ගැනීම සඳහා ටොයොටා ලංකා පෞද්ගලික සමාගම රුපියල් මිලියන 20ක් වටිනා බස් රථ දෙකක් පරිත්‍යා කර තිබේ.

ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග සහ ඝෘජු තැන්පතු සමඟ COVID 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 242 ඉක්මවයි.

COVID 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදල ශක්තිමත් කිරීමට ආයතන සහ පෞද්ගලික පරිත්‍යාගශීලීහු විශාල පිරිසක් දායක වෙමින් සිටිති.

හලාවත ඉරණවිල පිහිටි “ඇමරිකන් හඩ” (Amarican Voice) සම්ප්‍රේශණ මධ්‍යස්ථානය පවත්වාගෙන ගිය භූමියේ ඇති ගොඩනැගිලි කොරෝනා වෛරස් ආසාදිතයින්ට (COVID-19) ප්‍රතිකාර සිදු කරනු ලබන මධ්‍යස්ථානයක් බවට පත් කිරිමට රජය තීන්දු කිරීමත් සමග එහි සිදු කරනු ලබන පරිවර්ථනයන් පිළිබදව සොයා බැලීමට ඊයේ (26) සවස සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

Latest News