ඉන්ෆ්ලුවෙන්සා වෛරසය පැතිරීමේ අවදානමක්

දෙසැ 20, 2019

    දිවයිනේ ඇතැම් ප්‍රදේශවලින් ඉන්ෆ්ලුවෙන්සා වෛරසය ආසාදනය වූ රෝගීන් වාර්තාවීමේ වැඩිවීමක් පෙන්නුම් කරන බව, සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    විශේෂඥ වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන මහතා පවසන්නේ, සංකූලතා අවම කර ගැනීමටත්, රෝගය බෝවීම හා පැතිරීම පාලනයටත් කටයුතු කිරීම අත්‍යවශ්‍ය බවයි. පවතිනවැසි සහිත සහ ශීත කාලගුණික තත්වය නිසා වෛරසය ආසාදනය වූ රෝගීන් වාර්තාවීමේ වැඩිවීමක් පෙන්නුම් කරන බව, වසංගත රෝග විද්‍යා අංශය පවසයි. මෙම වෛරසයේ රෝග ලක්‍ෂණ වන්නේ, උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාවයි. ඇතැම් විට ප්‍රතිකාර රහිතවම සුව අතට පත්වන අවස්ථා ද දක්නට ලැබේ. එහෙත් සමහර ගර්භණී මව්වරුන්, වයස අවුරුදු 2ට අඩු දරුවන්, අවුරුදු 65ට වැඩි සහ ප්‍රතිශක්තිය හීන වූ පුද්ගලයින් නිදන්ගත රෝගවලින් පෙළෙන්නන්ට ඉන්ෆ්ලුවෙන්සා වෛරස ආසාදන තත්වය තීව්‍ර වීමට හෝ සංකූලතා ඇතිවීමට වැඩි ඉඩක් පෙන්නුම් කරයි.

    ඒ පිළිබඳව අදහස් දක්වන විශේෂඥ වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන මහතා....

    “තද උණ ගතිය, ඇඟපතේ රුදාව, හන්දිපත් රුදාව, උගුරේ දැවිල්ල ගතිය සහ කැස්ස තිබේනම් සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් මුණ ගැසීම නිර්දේශ කරනවා. මේ තත්වය ඩෙංගු නොවන බවට වෛද්‍යවරයා ලවා පරීක්‍ෂා
    කරගැනීම වැදගත් වෙනවා. පැරසිටමෝල් ඖෂධය පමණක් පාවිච්චි කිරීම නිර්දේශ කරනවා. ඩික්ලොසැනැක් වැනි ඖෂධ නිසා මෙම රෝගී තත්වයේ අතුරු ආබාධ ඇතිවෙන්න පුලුවන්. මේ දිනවල පැතිර යන ඩෙංගු උණත් යම් ආකාරයක ශ්වසන රෝග ලක්‍ෂණ පෙන්නුම් කරන නිසා ඩික්ලොසැනැක් වැනි ඖෂධ පාවිච්චි කිරීමෙන් වළකින ලෙස ඉල්ලා සිටිනවා“ යැයි විශේෂඥ වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන මහතා පැවසීය.
    මෙම රෝග ලක්‍ෂණ ඇති වී යම් අපහසුතාවක් ඇති වුවහොත් ඉක්මණින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු විය යුතුයි. රෝගය බෝවීම හා පැතිරීම පාලනයට මනා සෞඛ්‍ය පුරුදු අනුගමනය වැදගත්වේ.

    මෙම රෝග ලක්‍ෂණ ඇති වී යම් අපහසුතාවක් ඇති වුවහොත් ඉක්මණින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු විය යුතුයි. රෝගය බෝවීම හා පැතිරීම පාලනයට මනා සෞඛ්‍ය පුරුදු අනුගමනය වැදගත්වේ.

    Latest News