පස්සර පැතිබැම්මක් කඩා වැටී පවුලම රෝහලේ

දෙසැ 20, 2019

    පැතිබැම්මක් නාය ගොස් නිවසක් මතට කඩාවැටී මව, පියා සහ දරු තිදෙනා රෝහල් ගත කෙරේ.

    අද (20) උදෑසන ධාරානිපාත වැසි සමග පැතිබැම්මක්  නායගොස් නිවසක් මතට කඩාවැටීම නිසා පස්සර පංගුවත්ත පිහිටි නිවසක් මුථමනින්ම විනාශ වී ඇත.

    මෙම නිවසේ ජීවත්වූ පියා මව සහ12 හැවිරිදි පුතා, 10 හැවිරිදි හා 03 හැවිරිදි දියණියන් දෙදෙනා එම සුන්බුන්වලට යට වී සිටියදී අසල්වැසියන් විසින් ‍බේරාගෙන ගොස් පස්සර රෝහලට ඇතුලත් කිරීමෙන් පසු බදුල්ල මහරෝහලයට මාරු කර තිබේ .


    ප්‍රමිතියකින් තොරව ඉදිකරතිබූ මෙම නිවස මෙම පවුල විසින් කුලියට ලබාගෙන ඇති එකක් බව පස්සර පොලිසිය පවසයි. ඒ අවට තවත් පවුල් 3 ක් ආරක්ෂක පියවරක් ලෙස ඉවත් කළ බව ආපදා කළමණාකරණ බදුල්ල දිස්ත්‍රික් ඒකකය පැවසීය.

    Latest News