විග්නේෂරන් හිතළු ප්‍රකාශයෙන් සිංහල හා දෙමළ ජාතිවාදි ගිනි දැල් ඇවිලිමක් - ජිනවංස හිමි

දෙසැ 18, 2019

    ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය එල්ල කර ගනිමින් උතුරු පළාත් හිටපු මහ ඇමති විග්නේෂරන් මහතා ජාතිවාදි වර්ගවාදි අදහස් ඉදිරිපත් කර ඇතැයි හෙළ බොදු සවිය සංවිධානයේ සභාපති බුදුගල ජිනවංස හිමියන් පවසති.

    විග්නේෂරන් මහතා ශ්‍රි ලංකාව බෞද්ධ රටක් හෝ සිංහල අන්‍යතාවය මෙන්ම සිංහල සංස්කෘතිය ඇති බවක් තහවුරු කල නොහැකි බව ප්‍රකාශ කර ඇතැයි ද බුදුගල ජිනවංස හිමියන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.

    එවැනි ප්‍රබන්ධ මඟින් දෙමළ ජනතාවට වැරදි මත හා ජාතිවාදි ගිනි දැල් අවුස්සා ඇති බව උන්වහන්සේ සිය නිවේදනයෙන් පෙන්වා දේ. මෙය සිංහල බෞද්ධ ඉතිහාසය විකෘති කිරිමකි.

    විග්නේෂරන් මහතා සිංහල සමාජයේ සිට යාහැකි ඉහල ස්ථානයට ගිය රාජ්‍ය නිළධාරි‍යෙක් බැවින් බුද්ධිමත් කෙනෙක් ලෙස එලස ක්‍රියා කිරිමෙන්  දෙමළ බුද්ධිමතුන් කෙරෙහි සිංහල සමාජයේ වෛරයක් ඇති විම පමණ බවයි උන්වහන්සේ පවසන්නේ. සිංහල සමාජයෙන් විවාහ දිවියට පිවිස සිටින විග්නේෂන් මහතා දෙමළ සමාජය සිංහල සමාජයෙන් දුරස්ත කිරිම හා අපහසුතායට පත් නොකර නැවත දෙමළ සමාජය ජාතිවාදි යුද්ධයකට අවශ්‍ය පසුබිම සකස් නොකර සිටින ලෙස ඉල්ලා සිටින්නේ යැයි ජිනවංස හිමියන්ගේ නිවේදනයේ දැක්වේ.‍

    budugalajinawansa1 px 900 1

     

    Latest News