යුරෝපා සංගමයේ සභාපති සහ අග්‍රාමාත්‍යතුමා අතර හමුව

දෙසැ 16, 2019

    යුරෝපා සංගමයේ සභාපති ඩෙනිස් චෙයිබි, අද (16) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා මුණ ගැසුණේය.

    ඒ අරලියගහ මන්දිරයේ දී. ප්‍රංශය, ඉතාලිය, රොමේනියාව සහ ජර්මනිය යන රටවල තානාපතිවරු ද මේ අවස්ථාවට එක්වූහ. ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර පවතින ඒකාබද්ධ කොමිසම සහ දිගුකාලීන සබඳතා පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරිණ. ජී.එස්.පී. සහනය යළි ලබාදීම සහ යුරෝපයට මාළු අපනයන තහනම ඉවත් කිරීම සම්බන්ධව අග්‍රාමාත්‍යවරයා තානාපතිවරුන්ට ස්තුතිය පුද කළාය. එම තීරණය යුරෝපා සංගමය මෙරට හොඳම වෙළෙඳ සහකරුවීමේ ආරම්භක පියවර ලෙස අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. තානාපතිවරුන්, නව රජයට සුභාෂිංශන එක් කළේය. එසේම, යුරෝපා මැතිවරණ විමර්ශකයන් සහ ලංකාවේ මැතිවරණ කොමිසම අතර පැවති සුහදශිලී සබඳතාව ද ඔවුන්ගේ අගැයීමට ලක්වූහ. සංගමයේ රටවල් සහ ශ්‍රී ලංකාව අතර පවතින, කෘෂි ආයෝජන හා සංවර්ධන ව්‍යාපෘති ද සංචාරක ක්‍ෂෙත්‍රය පිළිබඳව ද අවධානය යොමු කෙරිණ.

    Latest News