ගමනාන්ත 18කට සේවා පුළුල් කළා; ශ්‍රී ලන්කන් ගුවන් සමාගම

දෙසැ 16, 2019

    තවත් ගමනාන්ත 18කට සිය සේවා පුළුල් කළ බව, ශ්‍රී ලන්කන් ගුවන් සමාගම පවසයි.

    ඒ අනුව, යුරෝපය, උතුරු හා දකුණු අමෙරිකාව සහ අරාබි රටවලට ද ගුවන් ගමන් පහසුකම් සැපයෙනු ඇත. කටාර් එයාර්වේස් සමාගම සමඟ ඇති කරගත් ගිවිසුමකට අනුව මෙය ක්‍රියාත්මකයි. ඒ අනුව ශ්‍රී ලන්කන් ගුවන් සමාගම, ලොව රටවල් 56ක ගමනාන්ත 127ක් සදඳහා පහසුකම් සපයයි. මේ අනුව, ශ්‍රී ලන්කන් ගුවන් මගීන්ට, කටාරයේ දෝහා අගනුවර සිට ෆින්ලන්තයේ හෙල්සින්ස්කි, සර්බියාවේ බෙල්ග්‍රේඩ්, හංගේරියාවේ බුඩාපේස්ට්, පෝලන්තයේ වර්සෝ, මෙක්සිකෝවේ කැසබලංකා, පෘතුගාලයේ ලිස්බන්, ස්වීඩනයේ ගොතෙන්බර්ග්, බෙල්ජියමේ බ්‍රසල්ස්, ඉතාලියේ වැනිස්, අසර්බයිජානයේ බාකු, ජර්මනියේ මියුනිච්, කැනඩාවේ මොන්ට්‍රියල්, බ්‍රසීලයේ සාඕ පවුලෝ, අමෙරිකා එක්සත් ජනපදයේ වොෂිංටන් වීසී, චිකාගෝ, හූස්ටන්, ඩලාස් සහ බෝස්ටන් යනාදී නගර ඇතුළු තවත් නගර කිහිපයකට පහසුකම් සැපයේ.

    මේ යටතේ ගුවන් සේවා දෙකෙහිම ගුවන් මගීන්ට “වන් වර්ල්ඩ්“ පාර්ශව ගුවන් සේවා 13ක් හරහා රටවල් 160ක ගමනාන්ත දහසක් දක්වා පියාසර කිරීමේ පහසුකම් හිමිවේ.

    Latest News