වව්නියාවේ රිය අනතුරක් - යුද හමුදාවේ 4කට තුවාල

දෙසැ 13, 2019

    වව්නියාව,ඕමන්ත,වෙප්පන්කුලම ප්‍රදේශයේදී ඊයේ (12) රාත්‍රීයේ සිදු වු රිය අනතුරකින් යුද හමුදා නිලධාරීන් 04කු ඇතුළු පුද්ගලයින් 05 කුට තුවාල වී ඇති බව ඕමන්ත පොලීසිය පවසයි.

    පොලිසිය පැවසූවේ පුලියන්කුලම දෙස සිට වවුනියාව දෙසට ගමන්ගත් යුද හමුදා කැබ් රථයක් හා කුඩා ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි.

    තුවාලකරුවන් වවුනියාව රෝහලට ඇතුළත් කර තිබේ.

    ඔවුන්ගේ තත්ත්වය තරමක් බරපතළ බව පොලීසිය සඳහන් කළ අතර, සිද්ධිය සම්බන්ධයෙන් ඕමන්ත පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

    Latest News