නීති විරෝධී දුම්වැටි තොගයක් අත්අඩංගුවට

දෙසැ 13, 2019

    නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කරන ලද දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

    පොලිස් විශේෂ කාර්ය බලකා බුද්ධි කොට්ඨාශයේ නිලධාරීන් සිදුකල වැටලීමකදී ඔහු අත්අංඩගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

    සැකකරු සතුව තිබී තීරු බදු රහිතව මෙරටට ආනයනය කරන ලදදුම්වැටි 3600ක් පොලිස් විශේෂ කාර්ය බලකා බුද්ධි කොට්ඨාශය බාරයට ගෙන ඇත.

    වැඩිදුර විමර්ශන සඳහා ඔහු කැළණිය පොලිස් ස්ථානය වෙත භාරදී ඇති බවයි වාර්තා වන්නේ.

    Latest News