නීතිවිරෝධීව ගෙනආ දුම්වැටි රේගුව අල්ලයි

දෙසැ 04, 2018

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ දුම්වැටි තොගයක් සමඟ ශ්‍රී ලාංකික ගුවන් මගින් දෙදෙනෙක් අද අලුයම කටුනායක ගුවන් තොටුපොලේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

    ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් මෙම විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගය අත්අඩංගුවට ගෙන තිබිණ. මොවුන් පුත්තලම ප්‍රදේශයේ පදිංචි 48 හා 46 හැවිරිදි ව්‍යාපාරිකයන් දෙදෙනෙකි. සැකකරුවෝ අරාබි එමීර් රාජ්‍යයේ සිට අද අලුයම 4.30ට පමණ කටුනායක ගුවන් තොටුපොල වෙත පැමිණියහ. එහි කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති හරිත මාවත ඔස්සේ පිටව යාමට උත්සහ කිරීමේ දී රේගු නිලධාරීහු ඔවුන් අත්අඩංගුවට ගත්හ.

    දුම්වැටිවල වටිනාකම රුපියල් විසි ලක්ෂ හැට දෙදහසක්. එහි දුම්වැටි හතළිස් අට දහසක් අඩංගු දුම්වැටි කාටූන් දෙසිය හතළිස් දෙකක් සඟවාගෙන රැගෙන විත් ඇති බව ගුවන් තොටුපොළ රේගුව ප්‍රකාශ කළේය.

    Latest News