අධිකරණයට ගැටලුවක් නොවන කරුණු අනාවරණයක්

දෙසැ 03, 2018

    විත්තිකාර පාර්ශ්වය ධූර දැරීම අත්හිටුවීමෙන් පුරප්පාඩු වන ධූරවලට පත්වන්නේ කවුරුන්ද යන්න අධිකරණය සතු ගැටලුවක් නොවන බව අභියාචනාධිකරණ සභාපතිවරයා පවසයි.

    ව්‍යවස්ථාවට අනුව, ඒ සඳහා බලතල හිමි පුද්ගලයන් ඊට අදාළව ක්‍රියා කරනු ඇතැයි අධිකරණය පෙන්වා දෙයි. වත්මන් අග්‍රාමාත්‍යවරයා හා අමාත්‍ය මණ්ඩලය තාවකාලිකව අත්හිටුවමින් ලබාදුන් දීර්ඝ නඩු තීන්දුවේ මේ බව සඳහන්.

    සාමාජිකයන් 225 දෙනෙකුගෙන් සමන්විත පාර්ලිමේන්තුවේ 122 දෙනෙක් චෝදනා කරන්නේ, අග්‍රාමාත්‍යවරයා, කැබිනට් අමාත්‍යවරුන් හා අනෙකුත් අමාත්‍යවරුන් නීත්‍යනුකූල නොවන ලෙස ධූරවල රැඳී සිටින බවයි. ඒ සඳහා අතුරු තහනම් නියෝගයක් ලබාදීමෙන් රටේ අග්‍රාමාත්‍යවරයෙකු කැබිනට් මණ්ඩලයක් හා අනෙකුත් අමාත්‍යවරුන් නොමැති තත්වයක් ඇතිවන බවට විත්තිකාර පාර්ශ්වය ඉදිරිපත් කළ කරුණු අධිකරණය සළකා බැලුවේය.

    එහිදී අග්‍රාමාත්‍ය ධූරය, කැබිනට් මණ්ඩලය හා අනෙකුත් අමාත්‍යාංශ හා අනුබද්ධ ආයතනවලට රටේ ව්‍යවස්ථාවේ වගන්ති අනුව, පුළුල් බලයක් පවතින බව අධිකරණය අවබෝධයක් ක්‍රියා කරන බව තීන්දුවේ දැක්වේ. එම ධූරවල ක්‍රියා කරන පුද්ගලයන් ගන්නා වැදගත් තීන්දු දේශීය හා අන්තර්ජාතික වශයෙන් දැඩි බලපෑමක් එල්ල කරයි.

    එසේම, විත්තිකාර පාර්ශ්වයට අතුරු තහනම් නියෝගයක් ලබාදීමෙන් එවැනි ධූරදැරීම වළක්වමින් සිදුවිය හැකි හානිය පිළිබඳව ද අධිකරණය දැනුවත් බව තීන්දුවේ දැක්වේ. කෙසේ වෙතත්, විත්තිකාර පාර්ශ්වය එම ධූරවල ක්‍රියා කිරීම වැළැක්වුවහොත්, ඒ සඳහා පත්වන්නේ කවුරුන්ද යන්න පිළිබඳ කරුණ ගැටලුවක් නොවන බව ද අධිකරණය තීන්දුවේ දැක්වේ.

    තවදුරටත් නීත්‍යනුකූල කැබිනට් මණ්ඩලයක් අත්හිටුවීමෙන් සිදුවිය හැකි හානිය පිළිබඳව අධිකරණය දැනුවත් බව ද අභායාචනාධිකරණ සභාපතිවරයා පවසයි. එහෙත්, සිදුවිය හැකි හානිය යළි නිවැරදි කළ නොහැකි මෙන්ම, යථා තත්වයට පත් කළ නොහැකි බව ද තීන්දුවේ සඳහන් වේ. රටේ වත්මන් තත්වය තුල කිසිදු අලුත් තත්වයක් ඇති නොවීමට අන්තර්වාර නියෝගයක් ලබාදී ඇතැයි ද අභියාචනාධිකරණයේ සභාපතිරවයා පවසයි.

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

    Latest News