රටට නිවැරදි නායකත්වයක් ලැබේ නම් නැගී සිටිමට සුදානම් - ඇමති විමල්

දෙසැ 06, 2019

    රටට නිවැරදි නායකත්වයක් ලැබෙන විට රටේ ජනතාවද කාර්යක්ෂමව කටයුතු කරන බව අමාත්‍ය විමල් විරවංශ මහතා පවසයි.

    ජාතික අත්යන්ත්‍ර පේෂ කර්මාන්ත සම්මාන ප්‍රදානෝත්සවයට අද (06) සහභාගිවේමන් ඔහු මේ බව කියා සිටියේය.

    ගම්මිරිස් වැනි දේ මෙරටට ගෙනැවිත් ප්‍රතිඅපනයනය කරන බව මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේය.

    මේ හේතුවෙන් දේශීය ගම්මිරිස් මිල පහළ ගිය බවත් විමල් වීරවංශ මහතා පැවසිය. ඊයේ දිනයේ දී පිටරටින් ගම්මිරිස් ගෙන්වීම ඊයේ නතර කිරීමට ගත් තින්දුව අනුව රුපියල් 400ට පමණ තිබු ගම්මිරිස් මිල අද දිනයේ දී රුපියල් 800 දක්වා වැඩි වී ඇතැයි ද කියා සිටියේය. නායකත්වය නිසි ලෙස ලැබෙන්නේ නම් ලංකාව නැඟිටීමට සුදානම් රටක් බව මෙයින් පෙනී යන බවද විමල් වීරවංශ මහතා මෙහිදී පැවසීය.

    Latest News