කරන්දෙණියේ අනතුරකින් 15 කට තුවාල

දෙසැ 06, 2019

    අම්බලන්ගොඩ – ඇල්පිටිය මාර්ගයේ කරන්දෙණිය මඩකුඹුර විද්‍යාලය අසල සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් 15 දෙනෙකු තුවාල ලබා තිබේ.

    පොලීසිය සඳහන් කළේ, ඊයේ රාත්‍රීයේ බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුවී ඇති බවයි.

    අනතුරින් තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබේ.

    Latest News