ජනපති ඝාතනයට උත්සහ කළ සැකකරු රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියෝග

දෙසැ 05, 2019

    ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා හෝ පවුලේ සාමාජිකයෙකු හෝ ඝාතනය කිරීමට සැලසුම් කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු ලබන 16 වැනිදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයේ අවසරය ලැබී තිබේ.

    සැකකරු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව බාරයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය අද අවසර ලබාදුන්නේය. කටුනායක පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරු, ඊයේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට බාරදී තිබේ. සැකකරු, සීදුව අමන්දොළුව ප්‍රදේශ යේ නේවාසිකාගාරයක නවාතැන් ගෙන සිටි පුද්ගලයෙක්. ඔහු සමඟ සිටි තවත් තිදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූහ. 26 හැවිරිදි හකීම් මොහොම්මදු රිෆ්ඛාන් නමැති සැකකරු අදාළ කුමන්ත්‍රණය සිදුකර ඇතැයි, මූලික පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබේ. ඔහු, වාලච්චේන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වේ. පසුගිය 28 වැනිදා සැකකරු නවාතැන් ගෙන සිටි නේවාසිකාගාරයේ පැවති සාදයක් අතරතුර අදාළ ඝාතන කුමන්ත්‍රණය පිලිබඳ අනෙක් තරුණයන්ට දැනුවත් කර ඇතැයි, පොලිසිය අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය. සැකකරු සමඟ සිටි අනෙක් තරුණයන් දෙදෙනා ඇප මත නිදහස් කෙරිණ.

    Latest News