බේකරි නිෂ්පාදනවල මිල අඩු කරන්න - සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය

දෙසැ 06, 2019

    බේකරි නිෂ්පාදනවල මිල පහත දමන ලෙස සියලු බේකරි හිමියන්ගෙන් ඉල්ලා සිටින බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

    එහි සභාපති එන්.කේ ජයවර්ධන මහතා ප්‍රකාශ කළේ බේකරි හිමියන් වෙත රජය ලබා දී ඇති සහන සහ බදු අඩු කිරීම් හේතුවෙන් එම නිෂ්පාදනවල මිල පහත දැමිය හැකි බවයි.

    ඒ අනුව රුපියල් 05කට වැඩි අගයකින් පාන් හැර සෙසු බේකරි නිෂ්පාදන මිල පහත දැමීමේ හැකියාව පවතින බව ඔහු ප්‍රකාශ කළේය.

    එමෙන්ම කේක් නිෂ්පාදන මිල ද රුපියල් 50කින් පමණ පහත හෙලීමට ක්‍රියා කලයුතු බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා පැවසුවේ.

    Latest News