නගර අලංකරණය කරණ තරුණ පිරිස ජනපති අගයයි

දෙසැ 03, 2019

    තරුණ ප්‍රජාව දිවයිනේ නගර රැසක සිදු කර ඇති අලංකාර සිතුවම් නිර්මාණ අගය කරමින්, ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබේ.

    ජනාධිපතිතුමා පෙන්වා දෙන්නේ, අපගේ අනාගත ගමන් මඟ වෙනස් කිරීම සඳහා ශක්තිමත් පදනමක් තරුණ ප්‍රජාව විසින් සකස් කෙරෙමින් පවතින බවයි. ඒ, ඔවුන්ගේ මුල පිරීම, නායකත්වය සහ කණ්ඩායම් ක්‍රියාකාරකම් ඇසුරෙන්. ඵලදායි සංස්කෘතික වෙනසක් සඳහා නිර්මාණශිලිත්වය අප සමාජයේ ධනාත්මක බලවේගයක් ලෙස ගෙන ඒම වැදගත් බව, පෙන්වා දෙන ජනාධිපතිතුමා එම තරුණ පිරිස් පිළිබඳව ආඩම්බර වන බව, ට්විටර් පණිවුඩයේ සඳහන් කර තිබේ.

    මාර්ගගත සිතුවම් කලාව තරුණ ප්‍රජාව අතර මේ වනවිට රැල්ලක් බවට පත්වී තිබේ. අධිවේගී මාර්ගයේ උමංවල චිත්‍ර ඇඳීමෙන් ආරම්භ වූ මෙය අනුරාධපුරය, කුරුණෑගල, මහනුවර, ගම්පහ, බදුල්ල, ගාල්ල, මාතර, හම්බන්තොට, රත්නපුර යන ප්‍රදේශවලත් ව්‍යාප්ත වෙමින් පවතී. මුදල් ඉපැයීම අරමුණු කර නොගත් නිර්මාණාත්මක ප්‍රවේශයක් හෝ ආත්මීය ප්‍රවේශයක් මේ තුළ දැකගත හැක. තරුණ පිරිස් එකාවන්ව නිර්මාණාත්මක කාර්යයට උරදීම මෙහි කැපී පෙනෙන විශේෂත්වයක්.

    Latest News