පකිස්තාන විදේශ අමාත්‍ය සහ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර හමුව

දෙසැ 02, 2019

    පකිස්තාන විදේශ අමාත්‍ය ෂා මෙහෙමුද් කුරේෂි මහතා සහ මෙරට විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර නිල සාකච්ජාවක් අද පෙරවරුවේ පැවැත්විණ.

    ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාට පකිස්තානයේ රාජ්‍ය චාරිකාවකට ඇරයුම් කිරීම විදේශ අමාත්‍යවරයාගේ සංචාරයේ මුලික අරමුණයි. පකිස්තාන විදේශ අමාත්‍යවරයා, ඊයේ රාත්‍රී දිවයිනට ළඟා විය. ඒ, කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළෙන්. විදේශ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සෙල්වරාජ් පිල්ලේ මහතා ඇතුළු පිරිසක් විසින් කුරේෂි මහතා පිළිගනු ලැබීය. ශ්‍රී ලංකා පකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයීය නිලධාරීන් ද මේ අවස්ථාවට එක්වූහ. පකිස්තාන විදේශ ඇමතිවරයා සහ මෙරට විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර නිල සාකච්ජා පැවැත්වුණේ, කොළඹ විදේශ අමාත්‍යාංශයේදී. දෙරටට වැදගත් කරුණු රැසක් පිළිබඳව එහිදී අවධානය යොමු කෙරිණ.

    Latest News