මහාචාර්ය විනී විතාරණ අභාවප්‍රාප්ත වේ

දෙසැ 02, 2019

    ප්‍රකට විද්වතෙකු හා සාහිත්‍යධරයෙකු වූ මහාචාර්ය විනී විතාරණ මහතා අභාවප්‍රාප්ත විය.

    මියයන විට ඔහු 91 වන වියෙහි පසු අතර, විශ්වවිද්‍යාල ක්‍ෂෙත්‍රයේ කීර්ති නාමයක් දිනාගත් මහාචාර්යවරයෙකුද වේ. රුහුණු විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ පළමු මහාචාර්යවරයා ලෙස ද සේවය කළ විනී විතාරණ මහතා සිංහල, ඉංග්‍රීසි මෙන්ම භාෂා කිහිපයක ප්‍රවීණතාවක් දැක්වූ පුද්ගලයෙකි. මයුර සංදේශය ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කිරීම විනී විතාරණ මහතා සිදු කළ විශිෂ්ට කර්තව්‍යයකි. ග්‍රන්ථකරණය පිළිබඳ සුවිශේෂි උනන්දුවක් දැක්වූ ඔහු සාහිත්‍ය, ඉතිහාසය, පුරාවිද්‍යාව, මානව විද්‍යාව, මෙන්ම ස්වයං චරිතාපදාන ඇතුළු විෂයන් රැසකින් පොත් රැසක් පළ කළ අයෙකි. අවසන් කටයුතු බදාදා සවස බොරැල්ල කනත්තේ දී සිදු කෙරේ.

    Last modified on සදුදා, 02 දෙසැම්බර් 2019 19:50

    Latest News