නිවසේ අපද්‍රව්‍ය පිලිස්සු අයෙකු සුරියවැව දි අත්අඩංගුවට

දෙසැ 02, 2019

    අගුලුම් කාර්මාන්තශාලාවක ඉටිකවර, ප්ලාස්ටික්, කාඩ් බෝඩ් ඇතුළු අපද්‍රව්‍ය නීති විරෝධීව පිළිස්සු සූරියවැව හබරත්තවෙල ප්‍රදේශයේ නිවාස හිමියෙකුට සූරියවැව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය විසින් අද නඩු පවරනු ලැබිය.

    තම ප්‍රදේශයට අපද්‍රවය ගෙනවිත් නීතිවිරෝධී ආකාරයෙන් පිළිස්සීම් සිදුකරන බවට ප්‍රදේශවාසියෙකුගෙන් ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇත. මෙහිදී පිලිස්සු අපද්‍රවය තොගයට අමතරව එම නිවසේ තිබු තවත් අපද්‍රව්‍ය තොගයක්ද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.

    සූරියවැව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ වෛද්‍ය නිලධාරී රහල් රාජපක්ෂ, පරිපාලන සෞඛ්‍ය පරීක්ෂක නිමල් සේනාරත්න සහ සූරියවැව නගර මහජන සෞඛ්‍ය පරීක්ෂක තිලින සමරවීර යන මහත්වරුන් විසින් මෙම වැටලීම සිදුකරනු ලැබිණ.

    Last modified on සදුදා, 02 දෙසැම්බර් 2019 18:42

    Latest News