යුරෝපයට පනින්න ගිය 02ක් කටුනායකදි මාට්ටු

දෙසැ 02, 2019

    යුරෝපීය රටකට පැන යාමට තැත් කළ ශ්‍රී ලාංකික තරුණයන් දෙදෙනකු කටුනායක ගුවන් තොටුපොළේදී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අද (02) අත්අඩංගුවට ගෙන තිබේ. 

    මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ යාපනය පදිංචි 21 හැවිරිදි සහ 30 හැවිරිදි වියේ පසුවන තරුණයෙකි දෙදෙනෙක්.

    ව්‍යාජ වීසා ඉදිරිපත් කර, ඉරානයේ දේශසීමා තරණය කරමින් යුරෝපයට පැන යාමට මොවුන් උත්සාහ දරා ඇති අතර සැකකරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දී තිබේ.  මෙම තරුණයන් මත්ස්‍ය නිෂ්පාදන අපනයනය කරන ආයතනයක සේවය කරන දෙදෙනෙක් බවත් ඔවුන් සම්බනිධයෙන් විමර්ශනයක් ගුවන්තොටුභල ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර ඇත.

    Latest News