ජනපති ගෝඨාභය - ඉන්දීය අගමැති හා ජනපති හමුව අද

නොවැ 29, 2019

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය පළමු විදෙස් සංචාරය අරඹමින් ඊයේ ඉන්දියාවට පැමිණියේය.

    ඒ, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනයකට අනුවයි.

    ජනාධිපතිවරයා අද ඉන්දීය ජනාධිපති රාම් නාත් කෝවින්ද් මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා හමුවී ද්වීපාර්ශවික සාකච්ඡාවල නිරතවීමට නියමිතය.

    ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී.ජයසුන්දර, විදේශ අමාත්‍යාංශ ලේකම් රවිනාත් ආරියසිංහ, භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල, ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග සහ ජනාධිපති පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර යන මහත්වරුන් මෙම සංචාරයට එක්ව සිටිති.

     

    Last modified on සිකුරාදා, 29 නොවැම්බර් 2019 09:53

    Latest News