අමාත්‍යාංශ 20ක ලේකම්වරුන්ට ජනපතිගෙන් පත්වීම්

නොවැ 27, 2019

    නව අමාත්‍යාංශ 20ක් සඳහා පත් කෙරුණු ලේකම්වරු වෙත පත්වීම් ලිපි පිළිගැන්විම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අතින් අද (27) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදුවිය.


    පත්වීම් ලැබු අමාත්‍යාංශ ලේකම්වරු 

    01- එස්. එම්. මොහොමඞ් මහත්මිය - සංචාරක සහ ගුවන්සේවා

    02- ආර්. ඩබ්ලිව්. ආර්. පේමසිරි මහතා - මාර්ග සහ මහා මාර්ග

    03- ජේ. ජේ. රත්නසිරි මහතා - අධිකරණ, මානව හිමිකම් හා නීති ප‍්‍රතිසංස්කරණ

    04- රවින්ද්‍ර හේවාවිතාරණ මහතා - වැවිලි කර්මාන්ත සහ අපනයන කාෂිකර්ම

    05- ජේ. ඒ. රංජිත් මහතා - කර්මාන්ත හාසැපයුම් කළමනාකරණ

    06- ඞී. එම්. ඒ. ආර්. බී. දිසානායක මහතා - උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන

    07- එච්. එම්. ගාමිණි සෙනෙවිරත්න මහතා - මගී ප‍්‍රවාහන කළමනාකරණ

    08- ඩබ්ලිව්. ඒ. චූලානන්ද පෙරේරා මහතා - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ

    09- වසන්තා පෙරේරා මහත්මිය - විදුලිබල හාබලශක්ති

    10- එම්. එම්. පී. කේ. මායාදුන්නේ මහතා - වරාය හා නාවික කටයුතු

    11- එස්. හෙට්ටිආරච්චි මහතා - රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන

    12- ආර්. පී. ආර්යසිංහ මහතා - විදේශ සබඳතා

    13- ඒ. එස්. එම්. එස්. මහානාම මහත්මිය - කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ

    14- ජේ. එම්. සී. ජයන්ති විජේතුංග මහත්මිය - පරිසර හා වන ජීවි සම්පත්

    15- ආර්. ඒ. ඒ. කේ. රණවක මහතා - ඉඩම් හා ඉඩම් සංවර්ධන

    16- එම්. පී. ඞී. යු. කේ. මාපා පතිරණ මහතා - කාර්මික අපනයන සහ ආයෝජන ප‍්‍රවර්ධන

    17- ආර්. එම්. අයි. රත්නායක මහත්මිය - ධීවර හා ජලජ සම්පත්

    18- පී. එස්. එම්. චාල්ස් මහත්මිය - සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා

    19- එන්. බී. මොන්ටි රණතුංග මහතා - කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ ව්‍යවසාය සංවර්ධන

    20- ආචාර්ය පි‍්‍රයත් බන්දු වික‍්‍රම මහතා - නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම්

    Latest News