පාරිභෝගික ජනතාව ආරක්ෂාකිරීමේ වැඩපිළිවෙලක් රට පුරා

නොවැ 27, 2019

    පාරිභෝගික ජනතාව ආරක්ෂා කිරීම සඳහා පාරිභෝගික ජනතාවගේ අයිතිවාසිකම් පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ පත්‍රිකා බෙදා දීම රටපුරා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින්  ක්‍රියාත්මක කර තිබේ.

    ඊට සමගාමීව මාතලේ දිස්ත්‍රික්කයේ පාරිභෝගික ජනතාව වෙළඳසැල්  දැනුවත් කිරීමේ අත්පත්‍රිකා ලබාදීම  මාතලේ දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු අධිකාරියේ  ප්‍රධානී රේණුක කුමාර මහතා ඇතුළු පිරිස විසින් සිදු කරනු ලැබූහ.

    මෙම අත් පත්‍රිකා මගින් පාරිභෝගික අයිතිවාසිකම්, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අරමුණ, ජනතාව පාරිභෝගික නීති රීති වලින් දැනුවත් කිරීම,  දීස්ත්‍රික් පාරිභෝගික අධිකාරියේ කාර්යාල සම්බන්ධ කිරීමට හැකියි ආකාරය, එමෙන්ම හදිසි ඇමතුමක්  ලබා දී පාරිභෝගික පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා 1977 කෙටි දුරකථන අංකය හඳුන්වාදීම, පාරිභෝගික පැමිණිලි සඳහා ලබාගත හැකි සහන සහ පිළියම් පිළිබඳවත් බුද්ධිමත් පාරිභෝගිකයකු ලෙස ජනතාව භාන්ඩ මිලදී ගැනීමේදී කළ යුතු කරුණු කාරණා පිළිබඳව පත්‍රිකා බෙදා දෙමින් දැනුවත් කිරීම සිදු කරන ලදී.

    මෙම දැනුවත් කිරීම අතරතුර දඹුල්ල ප්‍රදේශයේ ඔසු සලක  අලවි කිරීමට තිබුණු නිෂ්පාදන දින සහ කල් ඉකුත් වන දින සටහන් නොමැති ළදරු භාණ්ඩ තොගයක්ද මාතලේ දිස්ත්‍රික් පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනිණ.

    paribogika 03

    paribogika 04

    paribogika 05

    Last modified on බදාදා, 27 නොවැම්බර් 2019 08:36

    Latest News