නගර පිරිසිදු කිරීමේ වැඩසටහන යාපනය නගරටත් (වීඩියෝ)

නොවැ 26, 2019

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නගර පිරිසිදු කිරීමේ වැඩසටහනට සමගාමීව විශේෂ වැඩසටහනක් අද (26) යාපනය නගරයේ දී දියත් කෙරිණි.

    දිවයිනේ සියලු නගර සුන්දර ස්ථාන බවට පත්කිරීමේ වැඩසටහන සිය ධූරයට පත්වීමත් සමඟ ජනාධිපතිතුමාගේ මඟ පෙන්වීමෙන් දීප ව්‍යාප්තව ක්‍රියාවට නැංවිණි.

    මීට සමගාමීව බොහෝ නගරවල මං මාවත් පිරිසිදු කර තිබෙන අයුරු දැක ගන්නට ලැබුණු අතර ඉහළ ජනතා සහභාගිත්වයක් ඒ සඳහා ලැබීම විශේෂත්වයකි.

    පොලිස් පරිසර ආරක්ෂක ඒකකයේ ඝෘජු මැදිහත්වීමෙන් සෞඛ්‍ය පරීක්ෂකවරු හා නගර සභා කම්කරුවන්ගේ සහභාගිත්වයෙන් ආරම්භ වූ මෙම වැඩසටහනට යාපනය නගරාධිපති එමානුවල් ආනෝල්ඩ්, නාගරික කොමසාරිස් පේකිලන් යන මහත්වරුන් සහ ප‍්‍රදේශවාසී ජනතාව විශාල පිරිසක් එක්ව සිටියහ.


    ද්‍රවිඩ ජාතික සන්ධානයේ සාමාජිකයකු වූ යාපනය නගරාධිපති එමානුවල් ආනෝල්ඩ් මහතා මෙම වැඩසටහන සමඟ සක්‍රීයව එක්ව සිටින අතර, ඒ මහතා අදහස් දක්වමින් කියාසිටියේ අඛණ්ඩ කැපවීමෙන් යුතුව වැඩසටහන ඉදිරියට ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවයි. මෙසේ පිරිසිදු කරන පරිසරය ආරක්ෂා කර ගැනීමත්, එම පිරිසිදුකම පවත්වාගෙන යෑමත් පුරවැසියන් වන අප සියලු දෙනාගේම වගකීමක් වනු ඇති බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.

    Last modified on අඟහරුවාදා, 26 නොවැම්බර් 2019 19:23

    Latest News