රුවන්වැලි සෑ රඳුන්ගේ කොත නිරාවරණය අද පෙරවරුවේ (වීඩියෝ)

නොවැ 26, 2019

    ඓතිහාසික රුවන්වැලි මහසෑ ඉතිහාසයේ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් රුවන්වැලි මහසෑ රඳුන්ට පැළඳවූ රන්පාදනම සහිත නව චූඩා මාණික්‍යය සහිත කොත නිරාවරණ කෙරිණ. ඒ මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන්.

    ක්‍රි.පූ.140 දී දුටුගැමුණු රජතුමන් ඉදි කරවන ලද රුවන්වැලි මහා සෑය අවසන් වරට ප්‍රතිසංස්කරණය කොට, චූඩා මාණික්‍යය පැළැඳවීම අවසන් වරට සිදුවන්නේ 1939 වසරේදී. එම චූඩා මාණික්‍යය පළුඳුවී දුර්වර්ණවීම හේතුවෙන් රන්පාදමක් සහිත නව චුඩා මාණික්‍යය නිර්මාණය කිරීමට පියවර ගැනිණ. නව චුඩා මාණික්‍යයේ පළිඟු කොටස සඳහා භාවිත කොට ඇත්තේ දියමන්තිවලට පමණක් දෙවැනි වන රොක් ක්‍රිස්ටල් නම් පාෂාණයයි.

    ස්වභාවික නිල් මැණික්, රතු මැණික් ඇතුළු මැණික් ගල් 5,320ක් යොදාගෙන නිමවුනු රන් පාදන සහිත නව චුඩා මාණික්‍යයට යොදා ඇති පිරිසිදු රත්‍රං ප්‍රමාණය කිලෝ 28ක්. මෙම චූඩා මාණික්‍යය රුවන්වැලි මහසෑ රඳුන්ට පැළඳවීමට පෙර මහජනතාවගේ වන්දනාමානය සඳහා පසුගිය නොවැම්බර් 18 වැනිදා සිට කොළඹ ඇතුළු ස්ථාන කිහිපයක දී අවස්ථාව සළසා තිබිණ. එය ඊයේ දහවල් 12.00 දක්වා රුවන්වැලි පුද බිමේ දී ප්‍රදර්ශනය කෙරිණ. ඉන් අනතුරුවයි රන් පාදම සහිත නව චූඩා මාණික්‍යය ඊයේ රුවන්වැලි මහසෑ රඳුන්ට පැළඳවීම සිදුකළේ.

    Last modified on අඟහරුවාදා, 26 නොවැම්බර් 2019 20:03

    Latest News