ගම්මන්පිල ඇමතිධූරයක් භාර නොගත් හේතුව

නොවැ 22, 2019

    නව ඇමති මණ්ඩලය සැකසීමේ දී ජනාධිපතිවරයා හා අගමැතිවරයා මුහුණ දුන් දුෂ්කරතාව පිළිබඳ සිතා බලා තමන් ඇමති ධුරයක් භාර නොගැනීමට තීරණය කළ බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසයි.

    ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකරමින් ඒ මහතා මේ බව සඳහන් කර ඇත.

    ජනාධිපතිතුමා මුලින් යෝජනා කළේ අමාත්‍යධූර 10ක් බවත් දැනට අමාත්‍යධූර 15ක් ලබා දී ඇති බවත් එය සැකසීම අතිශය දුෂ්කර කටයුත්තක් බව තමා දන්නා බවත් එම ලිපියේ සඳහන් කර ඇත.

    නව ඇමති මණ්ඩලයෙන් ඇමතිධුරයක් භාර නොගැනීමට තමා ගත් තීරණය නව ඇමති මණ්ඩලය සැකසීමේ දී ජනාධිපතිවරයා හා අගමැතිවරයා මුහුණ දුන් පීඩනය යම් ප්‍රමාණයකට හෝ අඩු වනු ඇති බව ගම්මන්පිල මහතා ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

    එසේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතරයකින් සම්මත වන යෝජනාවකින් පාර්ලිමේන්තුව විසුරුවා හරින මෙන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා නොසිටියොත් ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවාලිය හැක්කේ 2020 මාර්තු 1 දිනට පසුව බවත් ඒ අනුව අද පත්වු අගමැතිවරයාගේ ආණ්ඩුව පවතින්නේ දින 100ක් පමණක් බවත් අදාළ ලිපියේ වැඩිදුරටත් සඳහන්ව ඇත.

    Latest News