මේමලේ මාර්ගය සංවර්ධනය නොකිරිමෙන් ජනතාව දුෂ්කරතාවයට

නොවැ 22, 2019

    නමුනුකුල කන්ද පාමුල් පිහිටි බදුල්ල ස්ප්‍රිංවැලි වත්තේ ඉහළට ගමන් කරන මේමලේ මාර්ගය සංවර්ධනය නොකිරිමෙන් ජනතාව දුෂ්කරතාවයට පත්ව සිටිති.

      රූපවාහිනි හා ගුවන්විදුලි සමප්‍රේක්ෂන මධ්‍ය ස්ථාන මෙන්ම විවිධ දුරකථන සමාගම් වලට අයත් සංඥාකුලුනුද මෙම කන්දේ ඉදිකර ඇති අතර ඒවාට යායුත්තේද අබලන් මාර්ගයෙන් බව අප වාර්තාකරු පවසයි.

    මෙම මාර්ගය සංවර්ධනයට මුල්ගල තබා කලක් ගතවී ඇතත් වැඩ නොකෙරන බව ප්‍රදේශවාසින් පවසති. කි. මි. 5 ක් සංවර්ධනයට රුපියල් ලක්ෂ 44 ක් වෙන් කර ඇති බව සමරු පලකයේ සඳහන්වේ. මෙම මාර්ගයේ ඉතිරි කොටස සංවර්ධනය කළහොත් එය නමුනුකුල නගරයට යාම සදහා ඉතා කෙටි මාර්ගයක්ද වේ. නමුනුකුල කන්ද තරණය කිරිමට යන සංචාරකයන් ගමන් කරන්නේ මේ මාර්ගයෙනි .

    Latest News