ජනාධිපති ජය සැමරීමක් කිලිනොච්චි නගරයේ

නොවැ 19, 2019

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපන්දිනයට සුභ පැතීම සහ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ජය සැමරීම සඳහා කිලිනොච්චි නගරයේ දී අද(19) උත්සවයක් සංවිධානය කර තිබිණි.

    කිලිනොච්චි, මුලතිව්, යාපනය දිස්ත්‍රික් භාරව කටයුතු කළ සිවිල් ආරක්ෂක බලකායේ සේවය කළ යුද හමුදාවේ විශ්‍රාමික කර්නල් රත්නප්‍රිය බන්දු මහතා ගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය එහි ජනතාව සංවිධානය කර තිබිණි. යුද හමුදාවේ හිටපු නිලධාරියෙකු වන කර්නල් රත්නප්‍රිය බන්ධු මහතාට මල් මාලා දමා උණුසුම් පිළිගැනීමක් කිලිනොච්චියේ ජනතාව විසින් සිදු කිරීම මෙහිදී විශේෂත්වයකි.

    කිලිනොච්චි ජනතාව කිරිබත් පිස කිලිනොච්චි නගරයේ ජනතාවට කිරිබත් දන්සල් ලබාදීමද රත්නප්‍රිය බන්දු මහතා අතින් මෙහිදී සිදු කෙරිණි.

    එමෙන්ම කිලිනොච්චියේ ජනතාව ගෙන් කීප දෙනෙකු ද්‍රවිඩ භාෂාවෙන් සහ සිංහල භාෂාවෙන් කියා සිටියේ පසුගිය මැතිවරණ සමයේ සුමන්දිරන් සහ ද්‍රවිඩ නායකයින් ප්‍රදේශයේ ජනතාවට ව්‍යාජ බොරු මතයක් ඉදිරිපත් කරමින් සුදු වෑන් සංස්කෘතියක් නැවතත් උතුරේ ඇතිවන බවට ව්‍යාජ කටකතා පතුරුවා ඡන්දය ලබා ගත් බවය.
    දෙමළ මිනිසුන් පමණක් නොව සිංහල මුස්ලිම් මිනිසුන් සියලු දෙනාම යුද්ධයෙන් බැට කෑ බව ද මියගිය බවද එම ජනතාව ප්‍රකාශ කළහ. ඉදිරියේදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සමග එක්ව කිලිනොච්චිය මුලතිව් යාපනය ප්‍රදේශය සංවර්ධනය කිරීම සඳහා කැපවෙන බවත් මින් ඉදිරියට දෙමළ සංවිධානයේ ලබා දෙන බොරු පොරොන්දුවලට රැවටෙන්නේ නැති බවද කිලිනොච්චි ජනතාව මෙහිදී සඳහන් කළහ. 


    උතුරේ ජනතාව රවටා බොරු ප්‍රචාර යැවූ නිසා ඡන්දය අඩුවූ බවත් මේ ජනතාව මේ දිනකිපයේ එය තේරුම් ගෙන ඉදිරියට කටයුතු කරන බවත් කර්නල් රත්නප්‍රිය බන්දු මහතා කියා සිටියේය.

     

    kilinochchi-01.jpg

    kilinochchi-03.jpg

    kilinochchi-10.jpg

     

    Latest News