මංගල මුදල් අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනපතිට

නොවැ 17, 2019

    මංගල සමරවීර මහතා මුදල් අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත යොමු කර තිබේ.

    ඊයේ පැවති නිදහස් හා සාමකාමී ජනාධිපතිවරණයේ දී රටේ සමස්ත ජනතාව පැහැදිලි තීන්දුවක් ලබාදී ඇතැයි ඔහු කියා සිටී. එම ජනතා තීන්දුවට ගෞරවය පිරිනමමින් අවසන් විනිශ්චය අනාගතයට බාර කරමින් තමා දැරූ මුදල් අමාත්‍ය ධූරයෙන් අද (17) සිට ඉල්ලා අස්වන බව පවසයි. මුදල් අමාත්‍යධූරයේ කාර්යයන් සාර්ථක කරගැනීමට අග්‍රාමාත්‍යතුමා ඇතුළු සියලු පාර්ශ්වයන් දැක්වූ සහයෝගයට මංගල සමරවීර මහතා සිය කෘතඥතාව පළකර සිටී.

    Latest News