නීති විරෝධිව රැගෙන ආ දුම්වැටි තොගයක් කටුනායකදී අත්අඩංගුවට

නොවැ 17, 2019

    ඩුබායි සිට අද අළුයම දිවයිනට පැමිණි ශ්‍රී ලාංකික කාන්තාවක් නීති විරෝධිව රැගෙන ආ දුම්වැටි තොගයක් කටුනායක ගුවන් තොටුපොළේ රේගු අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

    38 හැවිරිදි වියේ පසුවන මෙම කාන්තාව රැගෙන ආ දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් විසි දෙලක්ෂ පනස් එක්දහස් දෙසියක් වේ. නීති විරෝධිව රැගෙන එනු ලැබූ මෙම දුම්වැටි තොගය සම්බන්ධයෙන් කටුනායක ගුවන් තොටුපොළේ රේගු අංශය මගින් පරීක්‍ෂණ පවත්වනු ලබයි.

    Last modified on ඉරිදා, 17 නොවැම්බර් 2019 09:48

    Latest News