7 වැනි ජනාධිපති තෝරා ගැනීමට සියල්ල සූදානම්

නොවැ 15, 2019

    07 වැනි ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ඡන්ද විමසීම හෙට (16) උදෑසන 7.00 සිට සවස 5.00 දක්වා පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

    ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 35 කු තරඟ කෙරේ.

    මැතිවරණ රාජකාරි සඳහා ලක්ෂ 2 කට අධික රාජ්‍ය සේවකයින් ඍජුවම රාජකාරියේ යොදවා ඇත.

    ගණන් කිරීමේ මධ්‍යස්ථාන ගණන 43 කි.

    ගණන් කිරීමේ මධ්‍යස්ථානවල ආරක්ෂාව තර කිරීම සඳහා පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාවට අමතරව, ගණන් කිරීමේ මධ්‍යස්ථාන ආසන්නයේ මාර්ග බාධක යෙදීමට ද සැළසුම් කර තිබේ.

    සමස්ත ඡන්ද පළවල් ආවරණය වන පරිදි පොලිස් ජංගම මුර සංචාර 3043 ක් ක්‍රියාත්මක කිරීමට ද සැලසුම් කර ඇත.

    මේ අතර, පළමු ඡන්ද ප්‍රතිඵලය හෙට (16) මධ්‍යම රාත්‍රී 12.00ට පෙර ලබාදීමට හැකියාව ඇති බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.

    ඡන්ද පළවල් 12,856 පිහිටුවා ඇති අතර, 2018 ඡන්ද හිමි නාම ලේඛනයේ නම සඳහන් සියලුම ඡන්ද දායකයින් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා තිබේ.

    මේ අනුව ඡන්ද දායකයින් 159, 92,096 සුදුසුකම් ලබා ඇති අතර, මෙම පිරිසෙන් 659,317 ක් තැපැල් ඡන්ද දායකයින් වේ.

    තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම පසුගිය මාසයේ 31 හා මේ මස 01 වැනි දින හා 4 සහ 5 යන දිනවල පැවැත්විණ.

    Latest News